අකිලගේ පළිගැනීම් නාටකය අස්සේ පත්වීම් මල්ලක් !-මූලාශ්‍රය – රාවය

අකිලගේ පළිගැනීම් නාටකය අස්සේ පත්වීම් මල්ලක් ! දේශපාලන පළිගැනීම්වලට ලක්වූවායැයි කියන 1,058කගේ  නම් ලැයිස්තුවකට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ තනතුරු ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතා ගැසූ ගැටයක තොරතුරු හෙළිව තිබේ. එම ලයිස්තුවට අනුව අධ්‍යාපන පරිපාලන සේවයට 258 දෙනෙකු, විදුහල්පති හා ගුරු අධ්‍යාපනනඥ සේවයට 800 දෙනෙකු අනුමත කර එවන ලෙස කොමසමට දන්වා ඇති බව පැවසේ. කෙසේවුවද, අධ්‍යාපන පරිපාලන සේවයට හා විදුහල්පති සේවයට බඳවාගනු ලබන්නේ කුසලතා පදනම මත හෝ විභාගයක් පවත්වා ඉන් තෝරාගෙනය. කෙසේවුවද, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මීට පෙරද දේශපාලන පළිගැනීම්වලට ලක්වූවා යැයි කියමින් 4,200ක පිරිසකට පත්වීම් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය උත්සාහ කළ බව ඔහුගෙන් කළ විමසීමකදී Read More …

DOWNLOAD , PRINT AND SHARE

මෙහි දැක්වෙන දැන්වීම් සහ ලිපි 23 වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙනි. මුද්‍රණය කර හැකිතාක් බෙදා හරින්න. The Leaflets and letters about 23rd strike….Print and distribute

අධ්‍යාපනය විනාශයි….

කැබිනට් අනුමැතියෙන් දේශපාලන ගැත්තන් 500 ක් අධිසේවක පදනම යටතේ අධ්‍යාපන පරිපාලන සේවයට………. ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට අධ්‍යාපන පරිපාලන සේවයට එන්නට තිබෙන අවස්ථා වසර ගණනාවකට අහිමිවේ…….. ඉදිරියේදි අමාත්‍යාංශ, පළාත්, කලාප හා පාසල් හි සියලූම තීරණ මෙම ගැත්තන්ගේ අණ අනුව…… ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය දේශපාලන පත්වීම් වලින් මුදවා ගනීමු පාසල දෙවොලක් නම් ගුරුවරු එහි දෙවිවරුය. ඒ නිසාම ගුරු වෘත්තිය අභිමාන්වත්ය. එවන් වෘත්තියකට අසාධාරණයක් කරන්නේ නම් එය රටේ සමස්ත ගුරු පරපුරට ම කරන අවමානයකි, අසාධාරණයකි. අප මේ අටුවාව කීවේ ආණ්ඩුව දේශපාලන පලිගැනීම් මුවාවෙන් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවාවට රිංගවීමට සැරසෙන දේශපාලන හෙන්චයියන්ගෙන් ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට සිදුවන අවමානය අසාධාරණය මතුකර පෙන්වීමටය. පසුගිය දිනවල දේශපාලන පළිගැනීම් කමිටුවේ Read More …